පැය 24ක් තුළ රෝගීන් 27000ක් හමුවීමෙන් අගනුවරක් ලොක් ඩවුන් කෙරේ.

Covid India Corona Dilli
By Aruna May 02, 2021 04:40 AM GMT
Report

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නවදිල්ලි නුවරට පැනවූ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

එය හෙට උදෑසන පහෙන් අවසන් වීමට නියමිතව තිබුණත්, කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම දීර්ඝ කිරීම් සිදුකර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගතවූ පැය විසි හතර තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තාවනවා.

නව ආසාදිතයන් 392,562 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 19,549,656 ක් ලෙසයි.

දෛනික මරණ 3,688ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 215,523 ක් ලෙස සටහන් වුණා.

දිල්ලි අගනුවරින් පමණක් ගතවූ පැය විසි හතර තුළ ආසාදිතයන් 27,000 ඉක්මවා වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 375ක් ලෙසයි.