ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේ රෝහල් ගත කෙරේ.

India Covid-19 Sachin Tendulkar
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Report

කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඔහුගේ පූර්ව ආරක්‍ෂාව සඳහා රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ. මේ වන විට 47 වැනි වියේ පසුවන තෙන්ඩුල්කාර් පවසා ඇත්තේ තමන් නිවසේදී නිරෝධායනය වෙමින් සිටියත්, වෛද්‍ය උපදෙස් මත රෝහලට ඇතුළත් වූ බවයි. “ටික දිනකින් මා ආපසු ගෙදර යනවා.. මට සුබ පැතූ සියලු දෙනාටම ස්තුතියි” “අපේ ලෝක කුසලාන ජයග්‍රහණයේ 10 වැනි සංවත්සරය සමරන සියලු දෙනාටත් මගේ හෘදයංගම සුබපැතුම් එක් කරනවා”යයි තෙන්ඩුල්කාර් පවසා ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.