ඉන්දියානුවෙක් කොටහේනෙදි හදිසියේම අත්අඅඩංගුවට හේතුව මෙන්න..
By Sithumi
හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 500ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඇසුම් 18ක එම මත්ද්‍රව්‍ය අසුරා තිබූ බවය.
සැකකරු කාර් රථයකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අද (07) පෙරවරුවේ කොටහේන පොලීසියේ නිලධාරීන් ආමර්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. 25 හැවිරිදි සැකකාර ඉන්දියානු ජාතිකයා වත්තල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.
මානව හිමිකම් මාධ්‍ය ඒකකය යනුවෙන් ඔහු භාරයේ ඇඳුනුම්පතක් තිබූ බවද පොලීසිය පවසයි. සැකකරු එම හැඳුනුම්පත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |