ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 80ක් ගිනි තබා විනාශ කරයි..

Central Bank of Sri Lanka Government Of Sri Lanka Money
By Aruna May 04, 2024 04:44 AM GMT
Aruna

Aruna

Report

සංසරණය සඳහා නුසුදුසු රුපියල් බිලියන අසූවකට(80) ආසන්න මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී (2023) ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වනවා.

මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූල නොවන තත්ත්වයේ තිබූ රුපියල් බිලියන 79.82ක මුදල් නෝට්ටු මෙලෙස ඉකුත් වසරේදී විනාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ බැංකුව විසින් ඉකුත් වසරේදී නව ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 250 ක් ඇණවුම් කර ඇති අතර, ඒ අනුව රුපියල් බිලියන 469.28ක වටිනාකමකින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ රුපියල් මිලියන 571.95ක වටිනාකමකින් යුතු කාසි සංසරණය සදහා නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ, මෙරට මුදල් සංසරණය ඉකුත් 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ඉහළ ගොස් ඇති බවයි.

රට ඉදිරි තත්ත්වය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

රට ඉදිරි තත්ත්වය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


මුදල් සංසරණය ඉකුත් 2022 වසරේදී සියයට 2.1ක පැවැති වර්ධනය 2023 වසර වන විටදී සියයට 15.6ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

ඒ අනුව, ඉකුත් වසරේදී (2023) රටේ සංසරණය වී තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,186.5ක් වනවා.