ඇඳුම් මාරු කරමින් සිටි ‘වෛද්‍යවරියකගේ’ ඡායාරූප ගත් වෛද්‍යවරයා

ragama doctor national hospital samanthure illegal photos
By Sewvandhi Jul 12, 2021 02:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාගම පොලිසිය විසින් පසුගිය 10 වනදා අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ ජාතික රෝහලේ සේවයේ නියතු වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අදාල වෛද්‍යවරයා ඊයේ (11) වැලිසර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රාගම රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේ, වෛද්‍යවරියකගේ කාමරයකට ඇතුළු වී වෛද්‍යවරිය ඇඳුම් මාරු කරමින් සිටින අවස්ථවේ එය ඡායාරූප ගත කිරීමක් සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා 35 හැවිරිදි සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මීට පෙර රාගම රෝහලේ සේවය කර ඇති අතර මෙම සිද්ධියෙන් අනතුරුව අදාල වෛද්‍යවරයාට එරෙහිව එවැනිම ආකාරයේ පැමිණිලි දෙකක් පොලිසිය වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha