පාසලක් ළග ගණිකා මධ්‍යස්ථානයක්

Report

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු සහ එහි කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇත.

හොරණ නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම ස්ථානයට පාසල් දරුවන්ද නිතර නිතර පැමිණෙන බවට කළුතර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මෙසේ අත්අඩංගුවට පත් වූයේ මාතර, නිට්ටඹුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි අවුරුදු 34 ත් 52 ත් අතර වයස් කාණ්ඩවලට අයත් කාන්තාවන් තිදෙනෙක් වේ.

පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ මොවුන් මෙම මධ්‍යස්ථානය තුළ මුදලට අලෙවි වන බව පොලිස් උපාය දූතයෙකු යොදවා සිදු කළ ආවේක්ෂණ රාජකාරියෙන් පසු තහවුරු කර ගත් බවයි.

හරි ෂෝක් නැන්දගේ රත්තරන් බඩු උස්සලා කොල්ලට දීලා කොල්ලා ෆෝන් එකයි බයික් එකයි අරන්

හරි ෂෝක් නැන්දගේ රත්තරන් බඩු උස්සලා කොල්ලට දීලා කොල්ලා ෆෝන් එකයි බයික් එකයි අරන්

  

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාරිනියන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දන කලන්සූරිය විසින් එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.