රුපියල් කෝටි ගාණක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු මාට්ටු
විශාල මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සාර්ථකව අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී රුපියල් කෝටි 6 කට අධික අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් අයිස් නැමැති භයානක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3. 94 ක් මෙම සැකකරු සන්තකයේ ඉතාමත් සුරක්ෂිතව සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණා.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නීතිවිරෝධී ලෙස උපයාගත් බවට දැඩි ලෙස සැකකෙරෙන රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් ද මෙම වැටලීමේදී සැකකරු සමඟම පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොටහේන ප්‍රදේශයේ දිගුකාලීනව මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර කොටහේන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.