ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද?

By Shehan Sep 16, 2025 12:30 AM GMT
Report

අත් ඔරලෝසුවක් තෝරාගැනීම ඇත්තෙන්ම ෆැෂන් ප්‍රකාශනයක් වගේම පෞද්ගලිකත්වයේත් කොටසක්. ඒක තෝරාගන්නකොට ගැලපීම, පහසුව, සහ ඔබේ ජීවන රටාව ගැන හිතන්න ඕන.

ඉස්සර නම් කාන්තාවො අත් ඔරලෝසු පැලඳුවෙ වෙලාව බලන්න විතරක් උනාට දැන් ගෑණු ලමයි අත් ඔරලෝසු ෆැශන් එකේම, ස්ටයිල් එකේම කොටසක් කරගෙනනෙ. ඉතින් එතනදි මේ ගැලපෙනම අත් ඔරලෝසුව තෝරා ගැනීම හරිම වැදගත්.

1- Movement

මෙතනදි ඔයාලා බලන්න ඕන ඔයාගේ අත් ඔරලෝසු මොන වර්ගෙ එකක් ද කියල. ඒ කිව්වෙ Mechanical ද Quartz ද කියන එක. Mechanical Watches පලඳින එක ලොකු ට්‍රෙන්ඩ් එකක් උනාට Quarts අත් ඔරලෝසු වල Accuracy එක ගොඩක් ඉහලයි.

කාන්තා පාර්ශ්වය නම් Quartz ඔරලෝසු පලඳින්න ගොඩක් කැමතියි කියල තමයි කියන්නෙ, මොකද ඒව හරිම Light weight සහ Maintain කරන්නත් පහසු නිසා.

2- Size

අත් ඔරලෝසුවක් පලඳිද්දි ඒ අත් ඔරලෝසුවෙ ප්‍රමාණෙ අපේ අතට ගැලපෙනවද කියල බලන්නත් ඕන. හරියට ඇඳුමක් ගනිද්දි අපි අපේ ඇඟට හිර හරි ලොකු හරි ඇඳුමක් ගන්නෙ නෑ. අපේ ඇඟට ප්‍රමාණවත් එකක් තමයි ගන්නෙ.අත් ඔරලෝසුවක් ගනිද්දිත් ඒ කතාව ඒ විදියටම වැදගත්.

මොකද ඔයා කොච්චර වටින ඔරලෝසුවක් උනත් ඔයාගේ අතේ ප්‍රමාණයට ගැලපෙන්නෙ නැත්තම් ඒ වටිනකමෙන් වැඩකුත් නැහැ. ඉතින් හීනි මැණික් කටුවක් තියෙන කෙනෙක්නම් 38mm විතර ප්‍රමාණයේ පුංචි ඩයල් එකක් තියෙන ඔරලෝසුවක් පලඳින එක තමයි හොඳම.

විශාල අත් ඔරලෝසුවක් පලඳින්න ඔයාගෙ අත ඒ ප්‍රමාණයට ගැලපෙන ඕන. ලොකුම ලොකු අතකට පුංචි ඔරලෝසුවක් හරියන්නෙ නෑ.

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද? | How To Choose The Right Wristwatch

3- Material

අත් ඔරලෝසුවක් ගනිද්දි උනත් Material එකත් බලන්න අමතක කරන්න එපා.

ටයිටේනියම් හරි ස්ටේන්ලස් ස්ටීල් අත් ඔරලෝසු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව ඉතින් සෙරමික් අත් ඔරලෝසුත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම ඉතින් ඔයා ඔරලෝසුවෙ Material එක තෝරගනිද්දිත් ඒක ඔයාට ගැලපෙනවද, ඔයාගේ හමේ පැහැයට ගැලපෙනවද කියලත් බලන්න අමතක කරන්න එපා.

4- Glass

ඔරලෝසු මූණත වීදුරු වලින් හදල තියෙනම් කැඩෙන්න අපහසු උනාට, හීරෙන්න තියෙන ඉඩකඩ නම් වැඩියි. සමහරු මිනරල් හරි සිලිකේට් වීදුරු මුහුණත් තියෙන ඔරලෝසු පාවිච්චි කරනව හැබැයි ඒව නම් ඉතින් කැඩෙන්න තියෙන පොසිබිලිටි එක වැඩියි.

5- Strap/Bracelet

ඔරලෝසු වල ලෙදර් වගේ පටි වගේම යකඩ දම්වැල් වගේ ඒවත් එනවා. ඒ මොන පටිය පාවිච්චි කරත් ඒක ඔයාගෙ අතෙන් ඕනවට වඩා තදටවත් ලූස් එකටත් පලඳින්න එපා. ගානට පලඳින්න තමයි ඕන. යකඩ පටියක් නම් ලෙදර් පටියකට වඩා ලූස් එකට පැලඳුවට් කමක් නෑ. හැබැයි ඔයා දිනපතා පලඳින අත් ඔරලෝසුවක් නම් හමට හානිකර නොවන වර්ගයකින් හදපු රබර්, සිලිකන් වගේ අත් ඔරලෝසුවක් පලඳින්න පුලුවන් නම් වඩා හොඳයි.

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද? | How To Choose The Right Wristwatch

6- Design

අත් ඔරලෝසු මොඩල් එක ඔයා ඒක පලඳින අවස්තාව සහ ඇඳුම අනුව වෙනස් වෙන්න පුලුවන් නම් ඉතාම හොඳයි. ඒ උනාට ඉතින් අත් ඔරලෝසු මහ ගොඩක් ගන්න අපිට එකපාර බැරි වෙයි. ඒ උනාට ඔයා නිතරම යන එන තැන් ටික බලල මාරුවෙන් මාරුවට දාන්න අත් ඔරලෝසු දෙකක් වගේවත් තියාගන්න පුලුවන්.

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද? | How To Choose The Right Wristwatch

Classic – අවස්තාවට ගැලපෙන, ලෙදර් හරි මෙටල් හරි පටියක් තියෙන අත් ඔරලෝසුවක් අරගන්න බලන්න, පටි මාරු කරන ඔරලෝසු ගන්න පුලුවන් නම් තව හොඳයි. මේ වගේ අත් ඔරලෝසුවක් ඉතින් ඔයාගෙ දිනපතා වැඩවලට පලඳින්න තමයි හොඳ..

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද? | How To Choose The Right Wristwatch

Romantic – Romantic අවස්තාවකට නම් ඒ වගේ ලෙදර් පටි ඔරලෝසුවක් හරි යන්නෙ නෑ ඉතින්. ඒ වගේ අවස්තාවකට වඩා ගැලපෙන්නෙ නීට් ඩයල් එකක් තියෙන හීනි පටි අත් ඔරලෝසුවක්. පුංචි මල් ඩිසයින් එකක් තියෙන්න එහෙම නැත්තම් ලස්සන පැස්ටල් කලර්ස් තියෙනම් වඩා හොඳයි.

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද? | How To Choose The Right Wristwatch

Unisex – ඔයා Unisex ඔරලෝසු පලඳින්න කැමති කෙනෙක් නම් Minimalist Round Watchඒකකට යන එක වඩා හොඳයි. ඒ කිව්වෙ රවුම් ඩයල් එකක් සහ ලෙදර් වගේ ටිකක් මහත පටියක් තියෙන අත් ඔරලෝසුවක් කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම පලඳින්න පුලුවන්.

ගැලපෙනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද? | How To Choose The Right Wristwatch

Vintage – Retro, Vintage style එකකට කැමති කෙනෙක් නම් ලස්සන ඒ වගේම සිම්පල් Vintage ඔරලෝසුත් දැන් පහසුවෙන් මිල දී ගන්න පුලුවන්

ඉතින් මේ වගේ විවිධ වර්ගවල අත් ඔරලෝසු අතරෙ ඔයා පලඳින, ඔයා වඩාත්ම ආස කරන අත් ඔරලෝසුව මොකද්ද?