තරු පහේ හෝටලේ සිටි විදේශීය කාන්තාවගේ රු. 3,75,000 කට හෝටල් සේවකයා සුද්දයක් දීලා - පොලිසියට මාට්ටු

Report

කොළඹ තරුපහේ හෝටලයක නෙදර්ලන්ත ජාතික කාන්තාවක් නවාතැන් ගෙන සිටි ඇති අතර ඇයට අයත් රුපියල් තුන්ලක්‍ෂ හැත්තෑපන් දහසක් වටිනා විදේශ මුදල් සොරාගත් හෝටල් සේවකයකු පිළිබඳව තොරතුරු අනාවරණය වේ.

ඒ අනුව සොරකම සිදුවී පැය 24ක් ගතවන්නට පෙර ඔහුව අත්අඩංගුවට ගත් කොටුව පොලිසිය අදාළ මුදල් ද සිය භාරයට ගෙන ඇත. සංචාරක පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කොටුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන්.

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින් කළ විමර්ශනයක දී සැකකරු සොරාගෙන තිබූ විදේශ මුදල් මාරු කළ ජා-ඇළ ප්‍රදේශයේ මුදල් මාරු කරන මධ්‍යස්ථානය සොයාගෙන අදාළ මුදල් ද සිය භාරයට ගැනීමට සමත් වී ඇත.

කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

ආයෙත් රන්මිල වෙනස් වෙයි ගණන් උස්සන රත්තරන්

ආයෙත් රන්මිල වෙනස් වෙයි ගණන් උස්සන රත්තරන්