හෝමාගම උණුසුම් කල දැවැන්ත විරෝධයට ජල හා කදුළු ගෑස් ප්‍රහාර - (VIDEO)

Sri Lankan protests Sri Lanka
By Sewvandhi Feb 22, 2023 02:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට විවෘත කරන ලෙස ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් මෙම විරෝධතාවය සහ සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.

එහිදී සත්‍යග්‍රහය සඳහා තාවකාලික අට්ටාලයක් හෝමාගම පිටිපන මංසන්ධියේ ඉදිකිරීමට සූදානම් වීමේදී අද දහවල් පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පසුව විරෝධතාවයේ නිරත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරතවිය.

අනතුරුව් පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha