ජනතාවට සුබ ආරංචියක් - මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

Report

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මාස තුනකට පසු ඇද හැලුණු තද වැසි හේතුවෙන් ප්‍රදේශයේ පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය පහව ගොස් තිබේ.

අද (12) පස්වරු 3.00 සිට පැයකට ආසන්න කාලයක් කාසල්රි, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ යන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට මෙලෙස ගිගුරුම් සහිත වැසි පතිත වී ඇත.

වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබූ අතර, ජල මූලාශ්‍ර සිඳී යාමෙන් ප්‍රදේශවාසීන් මුහුණ දුන් පානීය ජල ගැටලුවට ද මෙමඟින් යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊශ්‍රායලය ඇමති අල්-අක්සා මුස්ලිම් පල්ලියට ගිහින් - ආයෙත් යුධ ගැටුමක් මතුවෙයිද?

ඊශ්‍රායලය ඇමති අල්-අක්සා මුස්ලිම් පල්ලියට ගිහින් - ආයෙත් යුධ ගැටුමක් මතුවෙයිද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන පුරෝකථනයට අනුව, දිවයිනේ පළාත් කිහිපයකට තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් පැමිණිලි කරන්න නව අංකයක්

බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් පැමිණිලි කරන්න නව අංකයක්

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.