සජබ අධ්‍යාපන සේවක සංගමයට නව නායකත්වයක්
සමගි ජන බලවේගයේ අධ්‍යාපන සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පත් කර ඇත.
මෙම පත් කිරීම සඳහා අදාළ නිල ලිපිය පසුගිය අප්‍රේල් 09 වැනිදා ඔහු වෙත භාර දී ඇති අතර, එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා රොහිණී කවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හේෂා විතානගේ මහතාට මෙම නව වගකීම භාරදීමත් සමඟ, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පක්ෂ ක්‍රියාකාරකම් තවත් ශක්තිමත් වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.