ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ රසායනාගාරයක් විනාශ කරයි
බටහිර ඉවුරේ, තුල්කරෙම් ප්‍රදේශයේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි තිබී බෝම්බ 200 ක්, ගිනි නිවන උපකරණ, පුපුරණ ද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි ගෑස් සිලින්ඩර සහ කිලෝග්‍රෑම් 50 කට අධික වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.
ඊශ්‍රායල මෙහෙයුම හේතුවෙන් නේවාසික ගොඩනැගිල්ලක් ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.