හෙට වෙනකල් මේ දිස්ත්‍රික්කවලට විශේෂ අනතුරු ඇඟවීම් නිවේදනයක්
නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට බලපාන තද වැසි සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද(17) දින දහවල් 12:30 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම බදාදා, එනම් හෙට පෙ.ව. 8:30 දක්වා වලංගු වන බව සඳහන්.
එමෙන්ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල සමහර ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තද වැසි, තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා මෙන් මහජනතාවට උපදෙස් දී ඇත.