දිවයින පුරා කාලගුණයේ හදිසි වෙනස්කමක් - අද සිට වෙන්න යනදේ මෙන්න

Report

අද (17) සිට ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකියි.

විශේෂයෙන් මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එහිදීත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 පමණ තද වැසි බලාපොරොත්තු වෙනවා.

උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ එන තාවකාලික තද සුළං (සහ අකුණු) නිසා ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තීරණයක් ගන්න කලින් - අද ඔබට ග්‍රහයන් කියන අනාවැකිය මෙන්න!

තීරණයක් ගන්න කලින් - අද ඔබට ග්‍රහයන් කියන අනාවැකිය මෙන්න!