ලාඕසයේ ගුහාවක හත් දෙනෙක් සිරවෙයි - මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් දැඩි සටනක

Report

ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන් හත් දෙනෙකු මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට දැඩි සටනක නිරත වෙමින් සිටිති.

පසුගිය බදාදා දින ගම්වැසියන් පිරිසක් රන් සහ වනජීවීන් සෙවීම සඳහා මෙම ගුහාව තුළට ඇතුළු වී තිබේ. ඉන් අනතුරුව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත.

එම අවස්ථාවේදී අනතුරෙන් බේරීමට සමත් වූ පුද්ගලයෙකු විසින් බලධාරීන්ට කරන ලද දැනුම්දීමකට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. මුදාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මෙම භූගත ගුහා පද්ධතිය අතිශයින්ම පටු වේ .

එහි ඇතැම් ස්ථානවල පළල සෙන්ටිමීටර 50 ක් (අඟල් 20 ක්) තරම් කුඩා බව වාර්තා වේ . මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ මඩ සහිත ජලයෙන් යටවී ඇති මෙම පටු මාර්ග ඔස්සේ සහන සේවා කිමිදුම්කරුවන් ඉතා අසීරු සහ අවදානම් සහගත ලෙස ගුහාව තුළට ගමන් කරමින් සිටින බව විදෙස් පුවත් පවසයි.

ආයෙත් ලෝක යුධ ගිනි ඇවිලෙයි - අද උදෑසනම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

ආයෙත් ලෝක යුධ ගිනි ඇවිලෙයි - අද උදෑසනම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

මෙම මෙහෙයුමේ සඳහා 2018 වසරේදී තායිලන්තයේ "තම් ලුඇන්ග්" ගුහාවේ සිරවූ කුඩා පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ ලෝක ප්‍රකට මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද මේ සඳහා එක්ව සිටී.

එම තායිලන්ත මුදාගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන කෙන්කාඩ් බොන්කාවොන්ග් ප්‍රකාශ කරන්නේ, ගුහාව තුළ රැඳී ඇති ජලය දිවා රෑ නොබලා පිටතට පොම්ප කරමින් පවතින බවයි.

මෙතෙක් සිරවී සිටින පිරිසගෙන් කිසිදු ජීවමාන සලකුණක් හමු වී නැතත්, ඔවුන් සිටින බවට උපකල්පනය කරන ස්ථානයට තමන් මේ වන විට මීටර 20 කටත් වඩා ආසන්න වී ඇති බව ඔහු විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත්, දිගින් දිගටම ඉහළ යන ජල මට්ටම සහ ගුහාව තුළ පවතින අපද්‍රව්‍ය හේතුවෙන් මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. මෙලෙස පවතින අවදානම් තත්ත්වය හමුවේ ලාඕස් සහ තායි සහන සේවා අංශ ඒකාබද්ධව මෙහෙයුම් තවදුරටත් වේගවත් කිරීමට කටයුතු කරයි  .

සරණගේ නඩුවල තීන්දු කල්යයි

සරණගේ නඩුවල තීන්දු කල්යයි