මහජනතාව අවදානයෙන් ඉන්න - රටපුරාම මෙනින්ජිටිස් රෝගය ව්‍යාප්ත වෙලා ඉවරයි - වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් මාලාවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව මෙනින්ජිටිස් රෝගී තත්ත්වය (Enteroviral Meningitis) ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
වසංගත රෝග විද්‍යා ඒකකය විසින් මෙම රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?
එම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය පවසයි.
වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ මෙම වෛරස් රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බවයි. එම අංශය අවධාරණය කරන්නේ උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, සාමාන්‍යයෙන් මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7ක් ඇතුළත සුව අතට පත්වන බවයි.
පිරිසිදු නොවන ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මල-මුඛ මාර්ගයෙන්) මෙම රෝගය බෝ විය හැකි බවත්, ඊට අමතරව, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති (Droplets) මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහාද වෛරසය ශරීරගත විය හැකි බවත් එහි සඳහන් වේ.
වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතුවන බවත් රෝගයෙන් ආරක්ෂ වීම සඳහා පහත සඳහන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන ලද උපදෙස් හා මඟපෙන්වීම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇත.
මෙම උපදෙස් මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන්, පළාත් සහ දිස්ත්‍රික් උපදේශක ප්‍රජා වෛද්‍යවරුන්, වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ද දැනුවත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විසින් නිකුත් කර ඇත.
ඒ අනුව පහත පියවර අනුගමනය කරන්න,
- සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම.
- කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන්, ලේන්සුවකින් හෝ ටිෂු එකකින් මුඛය සහ නාසය වැසීම.
- රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම.
- නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම.
එහි සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.