රශ්මිකා මන්දන්නාට උකුල් මාංශ පේශී පටකයක බරපතළ තුවාලයක් - සති හයක විවේකයක් ලබාදෙයි

Report

ඉන්දීය ජනප්‍රිය නිළි රශ්මිකා මන්දන්නා සිය නවතම චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර සිදුවූ අනතුරකින් උකුල් පටක (Hip Tendon) බරපතළ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, දැඩි ශාරීරික ක්‍රියාකාරකම් සහිත නර්තන හා ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී ඇය ඇද වැටීමෙන් මෙම ආබාධය සිදුව ඇත.

එහිදී උකුල් පටකය සම්පූර්ණයෙන්ම වෙන්වීමකට ලක්ව ඇති බවද වාර්තා සඳහන් කරයි. මෙම සිදුවීම Ranabaali හෝ Mysaa යන ඇය රංගනයෙන් දායක වන චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර සිදුව ඇති බවට වාර්තා පළවී තිබේ.

විජයගේ ‘ජන නායගන්’ සිනමා පටයට චෙන්නායි රසිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර

විජයගේ ‘ජන නායගන්’ සිනමා පටයට චෙන්නායි රසිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර

අනතුරෙන් පසු වහාම රූගත කිරීම් නතර කර ඇති අතර, කණ්ඩායම් සාමාජිකයන් විසින් ඇය ආසන්න රෝහලක් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී ඇත.

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව රශ්මිකාට සති හයක සම්පූර්ණ විවේකයක් ලබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති අතර, ඉන් පසුව නිසි පුනරුත්ථාපන වැඩසටහනක් යටතේ නැවත පුහුණුවීම් සහ රූගත කිරීම් සඳහා යොමුවිය යුතු බව වෛද්‍යවරු පවසා ඇත.

වාර්තාවලට අනුව, මෙවැනි උකුල් පටක ආබාධ වෘත්තීය මට්ටමේ දැඩි පුහුණුවීම්වල නිරත ක්‍රීඩකයන් අතර බහුලව දක්නට ලැබෙන නමුත්, නළුවන් අතර මෙවැනි තත්ත්වයක් දුර්ලභ බව වෛද්‍යවරු සඳහන් කර තිබේ.

ඇයගේ ඉදිරි රූගත කිරීම් සහ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, රශ්මිකා මන්දන්නා හෝ ඇයගේ කණ්ඩායම මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

හැමෝම කතාවෙන “ආදරණීය තරුවක්” සිනමාහල් හොල්ලන්න සූදානමින්

හැමෝම කතාවෙන “ආදරණීය තරුවක්” සිනමාහල් හොල්ලන්න සූදානමින්

රශ්මිකා මන්දන්නාගේ ඉදිරි චිත්‍රපට රශ්මිකා මේ වන විට වෙළෙඳ ප්‍රචාරණ ව්‍යාපෘති කිහිපයකටද සම්බන්ධව සිටින අතර, විශාල පිරිවැයක් යොදා නිර්මාණය වන චිත්‍රපට කිහිපයකද රංගනයෙන් දායක වේ.

ඒ අතරින් Mysaa චිත්‍රපටය විශේෂ අවධානයට ලක්ව ඇති අතර, එය අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂ රවීන්ද්‍ර පුල්ලේ විසිනි. Unformula Films නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය ගොන්ඩ් ගෝත්‍රික ජනතාවගේ සංස්කෘතික පසුබිමක ගොඩනැගුණු හැඟීම්බර ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස හඳුන්වා ඇත.

එහි රශ්මිකා ගොන්ඩ් ජනවර්ගයට අයත් කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරයි. එමෙන්ම Ranabaali චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රාහුල් සංක්‍රිත්‍යාන් විසිනි. බ්‍රිතාන්‍ය පාලන සමය පසුබිම් කරගත් මෙම තෙළිඟු ඓතිහාසික චිත්‍රපටය ඉන්දීය ඉතිහාසයේ අඩුවෙන් අවධානයට ලක්වූ සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය වන බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රශ්මිකා මන්දන්නා සහ විජේ දේවරකොන්ඩා එක්ව රංගනයෙන් දායක වන අතර, ඔවුන් දෙදෙනා එකට රඟපාන තෙවැනි චිත්‍රපටයද මෙය වේ.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න