සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ වැඩසටහනට සමගාමීව ඩෙංගු මර්දනයට නාවික හමුදාවෙන් පුළුල් මෙහෙයුමක්

Report

‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, රට පුරා ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (31) දිවයින පුරා පිහිටි නාවික හමුදා කඳවුරු සහ ඒවා අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළේය.

බටහිර, දකුණු, උතුරු මැද, වයඹ සහ ගිනිකොන නාවික විධානයන්ට අයත් කඳවුරු පරිශ්‍ර සහ අවට ප්‍රදේශ ආවරණය කරමින් පැවැත්වූ මෙම වැඩසටහන්වලදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම සහ විනාශ කිරීම සිදු කළ අතර, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.

මීගමුව මුහුදේ ධීවර යාත්‍රාවක් අනතුරට - ගුවන් හා නාවික හමුදා එක්ව මුදාගැනීමේ මෙහෙයුමක

මීගමුව මුහුදේ ධීවර යාත්‍රාවක් අනතුරට - ගුවන් හා නාවික හමුදා එක්ව මුදාගැනීමේ මෙහෙයුමක

එමෙන්ම, සෞඛ්‍යාරක්ෂිත හා පිරිසිදු පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් නාවික හමුදා සාමාජිකයින් එක්ව පරිසර පිරිසිදු කිරීමේ කටයුතු ද සිදු කළහ.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික විධානයන්ට අයත් නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූ අතර, මාරාන්තික ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහන්වලට ඉදිරියටත් අඛණ්ඩව දායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

හරිත දේශගුණ අරමුදලේ නැගෙනහිර හා දකුණු ආසියානු කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේ කොළඹදී

හරිත දේශගුණ අරමුදලේ නැගෙනහිර හා දකුණු ආසියානු කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේ කොළඹදී

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...