ට්‍රිප් යන ජනතාවට සුභ පණිවිඩයක්
අද (25) දින සිට යළිත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දමා තිබූ හග්ගල ජාතික උද්භිද උද්‍යානය විවෘත කිරීමට පියවර ගෙන ඇත.
හග්ගල ජාතික උද්භිද උද්‍යානයේ ස්ථාන භාර නිලධාරීවරයා සඳහන් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය (NBRO) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදුන් තාක්ෂණික නිර්දේශ සහ උපදෙස්වලට අනුකූලව සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් උද්‍යානය විවෘත කිරීමට පියවර ගත් බවයි.
ආරක්ෂිත හේතූන් මත උද්‍යානයේ ඇතැම් කලාප වෙත ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති අතර, එම ප්‍රදේශ අනතුරුදායක බව දක්වන පුවරු මගින් වෙන් කර එම ස්ථාන හැර උද්‍යානයේ ඉතිරි සියලු කලාප නරඹන්නන් සඳහා විවෘත කර ඇත.