සද්දේ දාලා බයික් රේස් පැද්ද සෙට් එකක්ම අත්අඩංගුවට
මාතලේ පොලිසිය පවසන පරිදි, මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට එම යතුරුපැදි අතර ව්‍යාජ ලෙස අංක තහඩු වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක්ද මේ අතර වන බව සඳහන්.
යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 23 අතර තරුණයින් බව පොලීසිය කියයි.
අදාළ සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.