දේශපාලන වටේ ගිය රමේෂ්ගේ ගමන අවසානයේ නව තනතුරු දෙකක් එක්ක පොහොට්ටුවටම

Report

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙකු වන රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.

ඊයේ (22) නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් ඔහු පත්වීමේ ලිපිය ලබාගත්තේය.

එසේම රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත්කර ඇති බව සඳහන්ය.

අපිට ගැහුවොත් අපිත් පෙරලා ගහනවා.. සත්තයි - ජාතික ඇඳුම ඇඳලා හිටියත් නැතත් " - ලාල් කාන්ත

අපිට ගැහුවොත් අපිත් පෙරලා ගහනවා.. සත්තයි - ජාතික ඇඳුම ඇඳලා හිටියත් නැතත් " - ලාල් කාන්ත

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වූ රමේෂ් පතිරණ මහතා මෑතකදී පොදුජන පෙරමුණ සමඟ නැවත එක්වීමේ තීරණයක් ගෙන ඇත.

අද පත්වීම සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයන් පිරිසක් ද පොදුජන පෙරමුණ සමඟ එක්ව ඇති බව වාර්තා වේ.

රමේෂ් පතිරණ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර-ඇල්පිටිය ආසනය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, පෙර රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ අයෙකි. මෙම පත්වීම මගින් පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධානාත්මක කටයුතු ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි

රටම බ්ලෙක් අවුට් වෙන්නයි යන්නේ.. - ජනතාව අසරණයි.. රජය නිහඬයි