අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක් - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
2026 වසරේ 05 ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගය අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි.
එසේම විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියේ විභාගය සදහා ඉදිරිපත් වන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 294,089ක් බවයි.
2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර, එම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.