ලබන 21 කළයුතු දේ ගැන ජනපති කියයි..යුධ හමුදාපති ගෙන් දැනුම් දීමක්.

Shavendra Silva Sri Lanka Gotabaya Rajapakshe Covid vaccines
By Aruna Oct 08, 2021 06:50 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන 21 වනදා සිට වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙන්ම ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකියි.

මේ අතර වයස අවුරුදු 15 ත් 20 ත් අතර ඛාණ්ඩයේ සිසු දරු දැරියන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා වෛද්‍ය විශේෂඥ කමිටුවේ අනුමැතිය ගිය සතියේ හිමිවුණා.

මෙම වයස් ඛාණ්ඩයේ දරු දැරියන්ගේ එන්නත් කරන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 12 ත් 15 ත් අතර ඛාණ්ඩයේ පාසල් දරු දැරියන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය කරන සියලු ෆයිසර් එන්නත් මාත්‍රා මේ වනවිටත් ඇනවුම් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery