අවසන් වරට කොවිඩ් ආසාදිත ගර්භණී වෛද්‍යවරිය කිව්ව හද කම්පා කරවන දේ...(VIDEO)

Covid Video Doctor Gossip Indian
By Aruna May 17, 2021 01:07 AM GMT
Report

අවසන් හුස්ම හෙලීමට පෙර කොවිඩ් ආසාදිත ගර්භණි වෛද්‍යවරිය ඉල්ලූ දේ – ඉන්දියාවෙන් ඇසෙන තවත් හද කම්පා කරවන පුවතක්

ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

මේ අතර කොවිඩ් මර්දනයට ලබා දෙන එන්නත්වල පළමු මාත්‍රාව ජනතාව වෙත ලබාදී සති පහකින් ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැළකිය යුතු ලෙස පහළ යාමක් පෙන්නුම් කරන බව ඉතාලි අධ්‍යයනයකින් හෙළිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ලොව කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය අතින් තවදුරටත් වැඩිම පැතිරීමක් පෙන්නුම් කරන ඉන්දියාවෙන් ඊයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂ දස දහස ඉක්මවා ඇති අතර කොවිඩ් මරණ සංඛ්‍යාවද 4000 පසු කර ඇති බවයිවාර්තා වන්නේ.

මේ අතර දෛනිකව ඉහළ යන කොවිඩ් රෝගීන් වෙනුවෙන් නිසි පහසුකම් සැපයීමට ඉන්දීය සෞඛ්‍ය අංශ අපොහොසත්වීම හේතුවෙන් වයස් භේදයකින් තොරව රට පුරා විශාල පිරිසක් මියයමින් තිබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙනවා.

කොවිඩ් ආසාදිතව දින ගණනාවක් මුළුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නියැලුණු වෛද්‍යවරියක් සිය අවසන් හුස්ම හෙළීමට පෙර ජනතාවට ප්‍රකාශ කළේ, “කොරෝනා වෛරසය සරළව ගන්න එපා. මට කතා කර ගන්නවත් බෑ.

ඒත් මේ පණිවුඩය මට ඔයාලට දෙන්න ඕනේ, එළියට හැම වෙලාවකම මාක්ස් එකක් දාන්න, මේ වගේ කාටවත් වෙනවට මම කැමැති නෑ.

විශේෂයෙන් ගර්භනී අවස්ථාවක.” ලෙසයි. ඩිම්පල් අරෝරා නම් මේ වෛද්‍යවරිය කොවිඩ් ආසාදනය වන විට මාස හතක ගැබිනියක් වූ අතර ඇය මියයාමට පෙර දින ඇගේ කුස තුළ සිටි කළලයද බේරා ගැනීමට නොහැකි වූ බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now