අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට[UPDATE]
ලෝක රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිල ගණන් සැලකිය යුතු ආකාරයට අඩු වී ඇති බව අද රන් වෙළෙඳපොළ දත්ත පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, අද (19) දහවල් වනවිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,500ක් දක්වා පහළ ගොස් ඇත.
එය සමස්තයක් වශයෙන් රුපියල් 13,000කින් අඩුවීමක් ලෙස දැක්වේ.
එමෙන්ම අද උදෑසන වනවිට රත්‍රං මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබූ අතර, එම ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන යමින් දහවල් වනවිට තවත් රුපියල් 4,000කින් මිල අඩු වී ඇති බව සඳහන්.
එමෙන්ම ඊයේ (18) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374,400ක් වශයෙන් සටහන් වූ අතර, එය අද වනවිට පැහැදිලි ලෙස පහළ වැටී තිබෙනවා.
තවද ඊයේ රුපියල් 407,000ක් වශයෙන් පැවති කැරට් 24 රන් පවුමක මිල ද අද වනවිට රුපියල් 394,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.