රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට

Report

රන්මාල කොල්ලකෑම සහ අපරාධයන් රැසකට සම්බන්ධ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) වන දින උදෑසන මොරටුව පොලිස් වසමේ උස්වත්ත මාර්ගයේදී බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබුණා.

සැකකරු වයස අවුරුදු 44ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉරාන නාවික අවහිරතා මධ්‍යයේ Blue Star III නෞකාව අමෙරිකාවෙන් මුදාහැරේ

ඉරාන නාවික අවහිරතා මධ්‍යයේ Blue Star III නෞකාව අමෙරිකාවෙන් මුදාහැරේ

සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී දෙහිවල පොලිස් වසමේ සිදුවූ යතුරුපැදි සොරකමක් හා මිරිහාන, කඩුවෙල, හෝමාගම, කහතුඩුව, මොරටුව, වැල්ලම්පිටිය, නාරාහේන්පිට, කිරුළපන, කුරුඳුවත්ත, මෝදර යන පොලිස් වසම් වල සිදු කරන ලද කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සොරකම් කරන ලද යතුරුපැදි හා කොල්ලකන ලද රන්මාල 05ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?

මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?