''රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතුයි ''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා

Report

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙර පැවති සාකච්ඡාවලදී සිය යෝජනා සමග ඔහු ලිඛිතව එකඟ වූ බවත් එහෙත් පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම හේතුවෙන් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සිදු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා සදහන් කරයි.

  ඒ වගේම වෛද්‍ය ප්‍රභාත් ප්‍රකාශ කළේ ඔවුන් සිය රාජකාරී නිසි ලෙස ඉටු කළේ නම් තමාට මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න

ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න

තව දුරටත් එතුමා සදහන් කළේ වෛද්‍ය වෘත්තිය, සුවිශේෂී වූ සේවා කාණ්ඩයක් ලෙස විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණි වෛද්‍යවරු, පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු හඳුනා ගැනීමට සහ ඔවුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් එය පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී සඳහන් කරමින් හැන්සාඩ් ගත කර තිබුණත් නමුත් මේ වන තෙක් ඊට කැබිනට් අනුමැතිය ලබා දී නොමැති බව‍යි.

ඒ වගේම ඩැට් දීමනාව යාවත්කාලීන කිරීම, අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කර එය වැටුපට එකතු කිරීම යනා දී යෝජනා සම්බන්ධයෙන් ජනවාරි 5වනදාට පෙර භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වුවද එයට ද මේ වන තෙක් සාධනීය පිළිතුරු ලැබී නොමැති බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කර තිබේ.

තවදඑතුමා සදහන් කළේ දින දෙකක් පුරා පැවති සංකේත වැඩ වර්ජනය සඳහා ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙසේ සිය සංගමය ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට තීරණ‍ය කළ බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවත් ඒවගේම සිය සංගමය රෝගී ජීවිත අනතුරේ හෙළීමක් කිසිසේත් සිදු නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කර ඇත.

ඒ අනුව මෙම වර්ජනය සදහා අදාළ ක්‍රියාමාර්ග 05 පහතින්  දැක්වේ

01.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම.

02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම.

03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.

04. සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම.

05.යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම.