දැන් රුපියල ස්ථාවර වෙමින් තිබෙනවා.. රාජ්‍ය ආදා­යමත් වර්ධනය වෙලා - රුපියල ගැන ඇහුව අයට සමන්මලීගෙන් සද්දයක්

Report

ජාතික ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සම­න්මලී ගුණ­සිංහ මහ­ත්මිය විසින් අත්‍ය­වශ්‍ය භාණ්ඩ 18ක මිල අඩු කර­මින් ජන­තා­වට ආර්ථික ලාභ­යක් ලබා­දී­මට වත්මන් ආණ්ඩුව කට­යුතු කර ඇති බවත් රුපියල මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව ඇය වැඩිදුරටත් කියා ඇත්තේ,

සිරමැදිරිය තුළට හරියට වාතාශ්‍රයවත් නෑ - සලේට වධ දුන්නද බලන්න හිටපු සිර මැදිරියට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තාවක්

සිරමැදිරිය තුළට හරියට වාතාශ්‍රයවත් නෑ - සලේට වධ දුන්නද බලන්න හිටපු සිර මැදිරියට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තාවක්

“රටේ ස්ථායී­ක­ර­ණය සඳහා විවිධ තීරණ ගත යුතුයි. එවැනි තීර­ණ­යක් තමයි මහ බැංකුව සම්බ­න්ධ­යෙන් මේ අර­ගෙන තිබෙන්නේ. රටක් විදි­යට ගනු­දෙනු කරන විට විනි­මය අනු­පා­තය පවත්වා ගත යුතුයි. රුපි­ය­ලට මොකද වෙන්නේ කියලා කට්ටිය සද්ද දැම්මා. අද වන ­විට රුපි­යල ස්ථාවර වෙමින් තිබෙ­නවා. රටේ ආදා­යම වැඩි කර ගැනී­මට අපි උත්සාහ කර තිබෙ­නවා. තෙල් ඇතුළු අත්‍ය­වශ්‍ය භාණ්ඩ පිට­ර­ටින් ගෙනා යුතුයි. ඒ සඳහා විනි­මය අනු­පා­තය පවත්වා ගත යුතුයි. 2025 වසරේ පළමු කාර්තුවේ දී රාජ්‍ය ආදා­යම රුපි­යල් ට්‍රිලි­යන 1.07 යි. හැබැයි කියන්න සතු­ටුයි කොච්චර විප­ක්ෂය කෑග­හලා දැඟ­ලු­වත් රාජ්‍ය ආදා­යම 2025 පළමු කාර්තු­වට වඩා 2026 පළමු කාර්තුව වන විට රුපි­යල් ට්‍රිලි­යන 1.5 දක්වා වර්ධ­නය කර­ගෙන තිබෙ­නවා. ප්‍රාථ­මික ගිණුමේ අති­රි­ක්තය 2025 පළමු කාර්තු­වේදී හිඟ­යක් පෙන්නු­වත් 2026 වන විට අති­රි­ක්ත­යක් පෙන්විය හැකියි. සිය­යට 78ක් දක්වා අති­රික්ත වර්ධ­න­යක් වෙලා තිබෙ­නවා. මූල්‍ය විනය ඒ සඳහා හේතු වී තිබෙ­නවා. අත්‍ය­වශ්‍ය භාණ්ඩ 18ක මිල සතොස හරහා මිල අඩු කර තිබෙ­නවා. මේ සියලු දේ නි‍ව­සට අත්‍ය­වශ්‍ය භාණ්ඩ. ලොකු­ලූනු කිලෝ­වක් රුපි­යල් 249 ට තිබුණේ. එය රුපි­යල් 219ක් දක්වා අඩු කර තිබෙ­නවා. රුපි­යල් 30ක ඉති­රි­යක් තිබෙ­නවා. සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 229ට තිබුණේ. එය රුපි­යල් 219ක් දක්වා අඩු කර තිබෙ­නවා. මයි­සූර් පරිප්පු කිලෝ­වක් රුපි­යල් 279 කට තිබුණේ. එය රුපි­යල් 249 දක්වා අඩු කළා. රුපි­යල් 70ක ඉති­රි­යක්. රතු නාඩු සහල් කිලෝ­වක් රුපි­යල් 230යි. එය රුපි­යල් 209 ක් දක්වා අඩු කළා. රුපි­යල් 21ක වාසි­යක් ජන­තා­වට හිමි­වෙලා. සුදු ලූනු කිලෝ­වක් රුපි­යල් 249ට තිබුණේ. එය රුපි­යල් 219 ක් දක්වා අඩු කළා. රුපි­යල් 30ක ලාභ­යක් ලැබී තිබෙ­නවා. ගොවි­යන්ට, ධීව­ර­යන්ට, සුළු හා මධ්‍ය කර්මා­න්ත­ක­රු­වන්ට මේ සහන දෙන්න හැකි­වෙ­යිද වෙනත් රජ­යක් තිබුණා නම්. දෙනවා තියා හිත­න්න­වත් බැහැ. බාල ගෑස් ගෙනත් පිපි­රුණා. එහෙම තමයි ඒ ආණ්ඩු සහන දුන්නේ. කප්පම් යුගය අව­සන් කළ නිසා විප­ක්ෂ­යට එය අද අමා­රුයි දරා ගන්න."

රනිල් මහින්දලට කියන්නේ ඕගොල්ලන්ගේ කාලේ ඉවරයි දැන් විශ්‍රාම යන්න.. ලෝකෙට විහිළුවක් වෙන්න එපා - මාලිමාව ප්‍රසිද්ධියෙම කියයි

රනිල් මහින්දලට කියන්නේ ඕගොල්ලන්ගේ කාලේ ඉවරයි දැන් විශ්‍රාම යන්න.. ලෝකෙට විහිළුවක් වෙන්න එපා - මාලිමාව ප්‍රසිද්ධියෙම කියයි

සුරේෂ් සලේට මේ වෙද්දී කිසිසේත්ම අසාධ්‍ය තත්ත්වයක් නැහැ - ඇමති නලින්ද

සුරේෂ් සලේට මේ වෙද්දී කිසිසේත්ම අසාධ්‍ය තත්ත්වයක් නැහැ - ඇමති නලින්ද