ලෙඩා මැරුණට මැරයෝ ටිකක් රෝහලටම ඇවිත් තර්ජනය කරලා - වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනය කරන බවට අනතුරු අගවයි

Report

හෙට (22) දිනයේදී වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඒ කලුතර නාගොඩ රෝහ‌ලේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ලයට මැර තර්ජන එල්ල කළ පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස බලකරමිනි.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

වෛද්‍යවරුන් ඇතුළුව සමස්ථ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ රෝහලේ වාට්ටු අංක 16 ප්‍රතිකාර ලබමින් සිටි පිළිකා රෝගියකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ඥාතින් පිරිසක් ඉකුත් (17) දා අලුයම 2.00ට පමණ රෝහල් වාට්ටුවට පැමිණ එහි රාජකාරි කළ වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධවන අයුරුන් හැසිරුණු බවයි.

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

පැමිණි පිරිස කළහාකාරී ලෙස හැසිරුණු මෙම පිිරිස වාට්ටුවේ අනෙක් රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරයන් පවා ලබා දීමට ඉඩ නොදී වෛද්‍යවරුන්ව සහ හෙදියන්ට තර්ජනය කරමින් පැයක පමණ කාලයක් වාට්ටුව තුළ රැදී සිට ඇති අතර අදාල සිද්ධිය පිලිබදව පොලිසියට පැමිණිලි කල නමුත් මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

මේ අතර ඊයේ (20) දිනයේදී මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් කටයුතු කර ඇති අතර සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ රාජකාරියට බාධාකරමින් හැසිරුණු පුද්ගලයින්ව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාමත්මක නොකරන්නේ නම් හෙට (22) දිනයේදී කලුතර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බවයි.

ලංගමට නව සාමාජිකයෙක්

ලංගමට නව සාමාජිකයෙක්