ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට - ලංකාවේ තෙල් මිලෙහි වෙනසක් වෙයිද?
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ යමින් පවතියි.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.88ක් දක්වා පහළ ගොස් ඇත.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 83.77ක් ලෙසයි.
නමුත් මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කර තිබේ.
එහි සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පසුගිය දින පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව සදහන් කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414.00ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00ක් ලෙස ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495.00ක් ලෙස ද එලෙසින්ම පවතී. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ සුපර් ඩීසල් මිල රුපියල් 478.00ක් ලෙස සහ භූමිතෙල් රුපියල් 285.00ක් ලෙස පවතින මිල ගණන් යටතේ ම පවතින බවයි .