ජී එල් සීයා ගැන ගුරුවරයෙක් තැබූ සටහන
විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමුකිරීමේ සිද්ධිය පිළිබඳ ලංකා ගුරු සංගමය අද (13) කොළඹ යුරෝපා සංගම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඊයේ ඔවුන් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ලිඛිතව දැනුවත්කිරීමටද පියවරගනු ලැබීය. මේ අතර අදාළ සිද්ධියට විරෝධය පා ගුරු සංගම් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අදත් සිසුන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩපණ වුණි
. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් ජූලි 8 වැනිදා විරෝධතාවයේ නිරත වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි
. පසුව ඇප මත ඔවුන්ව මුදාහැරිය ද පොලිසිය ඔවුන් මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යනු ලැබීය. ඊට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 14ක් ඊයේ සිට ඔන්ලයින් අධ්‍යාපන ලබා දිම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශිය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන රාජකාරිවලින් ඉවත්විය.
එම වර්ජනය හේතුවෙන් අද දිනයේදි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනිමට හැකියාව නොලැබුණි. ඇතැම් ගුරුවරුන් සටහන් තබමින් දරුවන් මේ පිළිබදව දැනුවත් කර තිබුණි