ලඟදිම ගෑස් හිඟයක් ඇති වෙනවද ?
laugh
litro
gas shortage
theshara jayasinghe
gas company
By Sewvandhi
වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇති නොවන අතර ඒ පිළිබඳ ව මහජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවය.
ඒ සඳහා අවශ්‍ය කරන ගෑස් තොග තම සමාගම සතුව දැනටමත් ඇති බවත් ඉදිරියේ දී අවශ්‍ය වන අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට ඇති වෙළෙඳපොළ හැකියාව සහ සැපයුම් ජාලය තම සමාගම සතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙරට ගෑස් අවශ්‍යතාවය සපුරන ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන්නේ ලිට්‍රෝ සහ ලාෆ්.
මෙම නිවේදනයේ සඳහන් වන ආකාරයට ලාෆ් සමාගම මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20% ක පමණ ප්‍රමානයක් සපුරාලනවා.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
