ගෑස්,සිමෙන්ති,යකඩ,වයර් ඇතුලු භාණ්ඩ රැසක මිලට ලඟදීම කරන්න යන දේ..

Report
100 Shares

ගෑස් මිල පාලනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ වනවිට ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයේ පවතින බැවින් ලෝක වෙළඳපොලේ මිලත්, වියදමත්, පාරිභෝගිකයාට ගෑස් ලබාදෙන සිල්ලර මිල පිළිබඳවත් අවධානය යොමුකර මෙලෙස ගෑස් මිල පාලනයට පියවර ගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියේ.

එසේම, පසුගිය කාලය පුරාවට සිමෙන්ති, යකඩ, වයර් සහ බිස්කට් ඇතුළු දේශීය නිෂ්පාදන බොහොමයක මිල ඉහළයාමක් සිදු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එම මිල ගණන් සාධාරණ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා එම භාණ්ඩවල මිල සූත්‍රයන්ට අදාළ ව පාරිභෝගික අධිකාරියට පැමිණ වාර්තාවන් ලබාදෙන ලෙස දන්වා ඇති බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ.

ඒ අනුව එම වාර්තාවන් අනුව ඒවායේ මිල පාලනයට ක්ෂණික තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now