අවසානයේ ගණේමුල්ල සංජීවගේ භාර ගැනේ. - බොරැල්ලේ මල්ශාලාවකට රැගෙන ආවේ මෙහෙමයි. - (VIDEO)
CID - Sri Lanka Police
Sri Lanka Police
Murder
By Wayomi
ඝාතනයට ලක් වූ ප්‍රබල අපරාධ කල්ලි නායකයෙක් වන ගණේමුල්ල සංජීවගේ දේහය අද (20) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී අද දහවල් සිදුකෙරුණු අතර, දේහය භාර ගැනීම සඳහා ඔහුගේ වැඩිමහල් සහෝදරියක පැමිණ තිබුනා.
ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති අතර මෙම ඝාතනය සඳහා වෙඩික්කරු සහ කාන්තාව පැමිණ ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන හෝටලයක සිට බව හෙළි වී ඇත්තේ.
මේ අතර අදාළ හෝටලයේ සිට අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට යොදාගත් ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයෙන් කුලී පදනමට ලබාගත් ෆිට් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයද කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන තිබෙනවා.
