ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට - හේතුව මෙන්න
මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (9) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණ තිබේ.
ඒ මහතා පසුගියදා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාළ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
ඊට ප්‍රතිචාර ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවය.