දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක විශාල ගින්නක්
By Sithumi
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ අද (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. එම කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පරිපථ මෙහෙයුම් ඒකකයේ ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති වාර්තා වේ.
එම තත්වයත් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිස්සි අවස්ථා සංඥා පද්ධතිය ක්‍රියාත්මක වූ අතර පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් සියලුදෙනාම පිටතට කැඳවීමට කටයුතු කර තිබුණි.
ගාල්ල මහ නගර සභා සභාවේ ගිනි නිවන ඒකකය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව අප වාර්තාකරු පැවසීය.
-------------------------------------------------
You may like this video
රාගලවත්ත ප්‍රදේශයේ පවුල සමග නිවස ගිනිගත් හැටි.-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |