ඇද හැළුණු අධික වර්ෂාවෙන් ප්‍රධාන නගරයක් යට වී යයි - තවත් මාර්ග රැසක් යට වෙයි.. නිරන්තරයෙන් අවදානයෙන් කටයුතු කරන්න.

Galle Sri Lanka Weather
By krishani Nov 12, 2023 04:11 PM GMT
krishani

krishani

Report

අද (12) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් පතිත විය.

ඒත් සමඟ මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. 

මේ හේතුවෙන් ගාල්ල නගරයේ මංමාවත් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යට වී ඇත.

එමෙන්ම උපකාරක පංති අවට මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා එම පංති සඳහා සහභාගී වූ සිසු සිසුවියෝ මහත් අපහසුතාවයකට ලක් විය.

කෙසේ වෙතත්, අධික වර්ෂාව හේතුවෙන් පිටිගල ප්‍රදේශයේ ද පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇත.

ReeCha