අධිකරණය තුළ වෙඩි තැබීම ගැන හෙළි වූ නවතම තොරතුරු.. (VIDEO)
ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළ අද දහවල් සිදුකළ වෙඩිතැබීම නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට පැමිණි චූදිතයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක් බවට සැකකරන බව ගල්කිස්ස නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු පවසයි.
වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණි තුවක්කුකරු විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකළ බවය
. කෙසේ වෙතත් වෙඩික්කරුගේ ඉලක්කය වැරදීයාම හේතුවෙන් විත්තිකූඩුවේ සිටි චූදිතයාගේ දිවි බේරී ඇත. අනතුරුව අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි වෙඩික්කරු අහසට වෙඩිතබා පළාගිය බවද නීතිඥ ගීත්ම ප්‍රනාන්දු පැවසීය.
වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමඟ මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු මද වේලාවකට පෙර නතරවී තිබේ. අදාළ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ චූදිතයාද අපරාධවලට සම්බන්ධ අයෙකුද යන්න පිළිබඳව මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධියට අදාළ වීඩියෝවක් පහතින් නරඹන්න
