රටේ තෙල් මිල ඉහළ යෑම ගැන රජයෙන් පැහැදිලි කිරීමක් - ඉස්සරහට රටේ ඉන්ධන මිල වෙනස් වෙයිද?

Report

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ආනයන වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 186ක් විදයම් කර ඇති නමුත් මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 521ක් දැරීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

එමෙන්ම රටේ පරිභෝජනය ජනවාරි මාසයේදී ඕටෝ ඩීසල් කිලෝ ලීටර් 4,538ක්, පෙබරවාරි 4,846, මාර්තු 6,130, අප්‍රේල් 3,988, මැයි 3,701ක් බවත් ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වන විට ලංකාවේ පරිභෝජනය අඩුව තිබෙන්නේ 82%ක මට්ටමක ප්‍රමාණයකින් බවත් ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ ඩීසල් ප්‍රමාණය ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,944ක් මැයි මාසයේදී කිලෝ ලීටර් 5,394 පාවිච්චි වන බවත් රටේ භාවිතය 91%ක් බවත්ය. පෙට්‍රල් 92 ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,565ක් පාවිච්චි වූ අතර මැයි මාසයේ මේ වන විට 4,849ක් පාවිච්චි වී ඇති අතර ඒ අනුව 87%ක ප්‍රමාණයක් පාවිච්චි වී ඇත.

ඉන්ධන ගැන නරක ආරංචියක් - ඉන්ධන සහනාධාර සැප්තැම්බරයට පෙර ඉවතට?

ඉන්ධන ගැන නරක ආරංචියක් - ඉන්ධන සහනාධාර සැප්තැම්බරයට පෙර ඉවතට?

නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමත් සමඟ ලංකාවට මාසයකට තෙල් ආනයනය කිරීමට තිබෙන වියදම ඉහළ ගිහින් ඇති බවත් ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 97, මාර්තු ඩොලර් මිලියන 95, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 316, මැයි මාසයේදී ඩොලර් මිලියන 521 ජනවාරි මාසයේ සිට මැයි මාසය වනතෙක් පරිභෝජනය 80%-90% අතරේ තිබුණද වැඩිවීම ඩොලර් මිලියන 186 සිට 521 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම වර්තමාන ආණ්ඩුව ලෝක වෙළෙඳපොළේ අඩුවැඩි වීම් අනුව මිල ගැලපීමට උත්සාහ කරමින් සිටින බවද පහු පවසයි.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි