කවුරුත් නොසිතූ ලෙස පළතුරු මිල විශාල ලෙස අඩුවෙයි..
By Sewvandhi
වෙළඳපොළේ පළතුරු තොග මිල ගණන් විශාල ලෙස අඩු වී තිබෙනවා.
එනම් වාර්තා වන්නේ, කෙසෙල්, ගස්ලබු, කොමඩු, දිවුල් සහ පේර වැනි පළතුරු වල තොග මිල මෙලෙස පහත බැස ඇති බවයි.
පසුගිය කාලයේ රුපියල් 450 ඉක්මවා තිබූ අන්නාසි කිලෝවක තොග මිල අද වන විට 200 දක්වා අඩුවී තිබෙනවා.
එමෙන්ම පේර කිලෝවක් 150ක් ලෙසත්, ගස්ලබු කිලෝවක් රුපියල් 90ක් ලෙසත් මේ දින වල වෙළඳපොළේ අලෙවි වනවා.
ඊට අමතරව කොමඩු කිලෝවක තොග මිල දැක්වුණේ රුපියල් 30ක් ලෙසයි.