සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් නිරෝධායනයට

Covid 19 Sri lanka Christien
By Sithumi Jun 04, 2021 11:06 AM GMT
Report

යාපනය, අයින්ද හංදියේ පිහිටි මුස්ලිම් පල්ලියේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ සිටි 14 දෙනාව එම පල්ලිය තුළ ම නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කළ බවය.

කොවිඩ් වසංගතය පාලනය සඳහා මේ වනවිට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් ඒකරාශීවීම් තහනම් ය.