පුපුරන ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට...

Police spokesman Sri Lanka Police Sri Lanka
By Parami Dissanayake Sep 19, 2024 06:23 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඊයේ (18) නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එහිදී සැකකරුවන් සතුව තිබී සේවා නූල් සවි කරන ලද ඩෙටනේටර් 05ක්, වෝටර් ජෙල් කූරු 03ක් සහ වයර් රෝලක් සොයාගෙන ඇත.

ඡන්දදායකයින් සඳහා පොලිසියෙන් දැනුම් දීමක්...

ඡන්දදායකයින් සඳහා පොලිසියෙන් දැනුම් දීමක්...

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 38, 49, 50 සහ 65 යන වයස්වල පසුවන කටුගස්තොට, ගම්පොළ, ඇළහැර හා උඩලගවින්න ප්‍රදේශයවල පදිංචිකරුවන් වේ.

නාඋල පොලීසිය මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි