හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්
හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ අධිකරණය විසින් නියෝග කර ඇත.
ඒ අනුව, ඔහු එළඹෙන ජූලි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියම කර තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩ ඉරිඟු බීජ සිය හිතවතුන්ට බෙදා දුන් බව කියන සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.
2015 වසරේ එවකට පැවති රජයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කිරිමේදී අනුරාධපුර දිස්තික්තයේ දිළිඳු ගොවින්ට සහනදායි මිලට ලබා දිම සදහා රජයේ වියදමින් රුපියල් මිලියන 25ක වියදමින් බීජ බඩ ඉරිඟු ගෙන්වා තිබෙනවා.
ඒවා අදාළ දිස්ත්‍රික් කාර්යාලයේ ක්‍රම සම්පාදන අංශය මගින් භාර ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කෘෂිකර්ම නිළධාරින් මගින් බෙදාදීම නීත්‍යානුකූල ක්‍රමවේදයයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදනය නීත්‍යානුකූලව තිබියදී තම අමාත්‍යාංශ තනතුර භාවිත කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුලු නිළධාරීන්ට බලපෑම් කරමින් මෙම බීජ ව්‍යාපෘතිය නියමිත ක්‍රමවේදයට සිදු කරගෙන යාම වලක්වා 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් එම බීජ බඩ ඉරිඟු තම දේශපාලන කාර්යාලය වෙත ගෙන්වා ගෙන ඇති බවට හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්නට චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ බඩ ඉරිඟු තොග තම කාර්යාලයේදී අවිධිමත් ආකාරයට බෙදාදීම සහ ප්‍රාදේශීය දේශලාපඥයින් සහ ව්‍යාපාරිකයන් හරහා තම දේශපාලන හිතවතුන් වෙත බෙදීමට කටයුතු කිරිම තුලින්ද රජයට පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමිනුයි ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබුණේ.
