චමරි නිසා ලංකාවේ ක්‍රිකට් තවත් උඩ යයි - ලක් මවට ආඩම්බරයක් එක් කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී සන්ධිස්ථානයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ (WCA) ක්‍රීඩිකාවන්ගේ උපදේශක මණ්ඩලයට පත් කර තිබෙනවා.
ඒ අනුව WCA එහි ක්‍රීඩක උපදේශක මණ්ඩලයට යාවත්කාලීන කිරීම් ගණනාවක් නිවේදනය කළ අතර, පැට් කමින්ස්, ජේසන් හෝල්ඩර්, හෙදර් නයිට්, ඒඩන් මාක්‍රම්, ස්කොට් එඩ්වර්ඩ්ස් සහ ලෝරා වොල්වාඩ් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් අයත් කණ්ඩායමකට චමරි අතපත්තු ද මෙසේ එක් විය.
එමෙන්ම අතපත්තු, විශ්‍රාම යන සාමාජිකයන් වන ටිම් සවුති සහ සොෆී ඩිවයින් වෙනුවට රෂීඩ් ඛාන්, වේන් මැඩ්සන්, ඩැරල් මිචෙල් සහ මැඩී ග්‍රීන් යන අලුතින් පත් කරන ලද සාමාජිකයින් සමඟ එක්වෙන බව සඳහන්.
ඇගේ මෙම පත්වීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඇය කියා සිටියේ ගෝලීය උපදේශක මණ්ඩලයට තෝරා ගැනීම ගෞරවයක් බවයි.
"ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයට පත්වීම ගැන මම සැබවින්ම ගෞරවයක් සහ සතුටක් ලබනවා.මෙය මට පෞද්ගලිකව පමණක් නොව, ශ්‍රී ලංකාවට සහ පුළුල් ආසියානු ක්‍රිකට් ප්‍රජාවටත් ආඩම්බර මොහොතක්,"
එමෙන්ම ගෝලීය වශයෙන් ක්‍රීඩකයින්ගේ හඬ ශක්තිමත් කිරීම සඳහා තම අත්දැකීම් දායක කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන් ආසියාවේ ක්‍රීඩකයින්ගේ නියෝජනය සහතික කරන බවත් අතපත්තු පැවසුවා.
"ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස මගේ අත්දැකීම් ලොව පුරා ක්‍රීඩකයින්ගේ හඬ ශක්තිමත් කිරීමට දායක වීමට මම බලාපොරොත්තු වෙමි. ක්‍රීඩාවේ අනාගතය හැඩගස්වන ප්‍රධාන තීරණ වලදී සියලුම කලාපවල, විශේෂයෙන් ආසියාවේ ක්‍රීඩකයින්ට සවන් දීම සහ නියෝජනය කිරීම වැදගත් වේ."
තවද ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට සහාය වීම, ක්‍රීඩකයින්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතියට ධනාත්මක දායකත්වයක් ලබා දීම වෙනුවෙන් සෙසු මණ්ඩල සාමාජිකයින් සමඟ සමීපව කටයුතු කිරීමට කැපවී සිටින බව ඇය ප්‍රකශ කළා.
එමෙන්ම ලෝක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය පැවසුවේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට තීරණාත්මක කාලයක ක්‍රීඩකයින්ගේ සාමූහික හඬ ශක්තිමත් කිරීම සහ ක්‍රීඩාවේ අනාගතය සහ දිගුකාලීන සාර්ථකත්වය හැඩගැස්වීමට ක්‍රීඩකයින් උපකාර කිරීම සහතික කිරීමට යාවත්කාලීන කරන ලද ක්‍රීඩක උපදේශක මණ්ඩලයේ අරමුණ බවයි.