අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීමට රජය පියවර ගනී

Report

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ ආයතන ඊයේ (23) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට කැඳවා තිබුණි.

පවතින යුද තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම සහ සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වූ බව අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු ආනයනකරුවන්, රේගුවේ නියෝජිතයින් සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ නිලධාරීන් සහභාගී වී තිබේ.

අද ගියොත් වැඩක් නෑ- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා අද නවතී

අද ගියොත් වැඩක් නෑ- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා අද නවතී

රැස්වීමේදී අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් ගෝලීය තත්ත්වයන් යටතේ මහජනතාවට ආහාර හිඟයක් ඇති නොවන ලෙස ශක්තිමත් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

දේශීය වෙළඳපොලේ ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීමට සහ ජනතාව මත ඇති බර අඩු කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

ඉන්ධන කෝටා සීමාවන් නිසා බෙදාහැරීමේ ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය සේවා වාහන සඳහා විශේෂ ලියාපදිංචි ක්‍රමයක් හඳුන්වා දී ඇති බවත්, ලංකා සතොස අලෙවිසැල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කරන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී තීරණ ගැනීම සඳහා අදාළ කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් මෙම සතිය අගදී තවත් සමාලෝචන රැස්වීමක් කැඳවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, පාරිභෝගික කටයුතු අධිකාරිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සතිපතා මිල පරාසයක් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කර ඇති අතර, එම පරාසයට අනුකූලව මිල ගණන් පවත්වා ගැනීමට ආනයනකරුවන්ට උපදෙස් දී තිබේ.

විනාශ කිරීමට සූදානම් කර තිබූ පාම් තෙල් අලෙවි කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට

විනාශ කිරීමට සූදානම් කර තිබූ පාම් තෙල් අලෙවි කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට