ආදාහනාගාර වල තබා ගන්නට බැරි කොරෝනා මල සිරුරු යමුනා නදියේ පාවෙන හැටි(VIDEO)

india yamuna river hamirpoor khanpoor floating body
By Sewvandhi May 10, 2021 10:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති අතර මළ සිරුරු අධිකවීම නිසා ඒවාට අවසන් කටයුතු කළ නොහැකිව පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ හේතුවෙන් මළ සිරුරු රැසක් යමුනා නදියේ පාවෙමින් පවතින බවත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් හින්දු චාරිත්‍ර අනුව මළ සිරුරු කොටස් හෝ අළු ගංගාවලට යොමු කරන සිරිතක්ද එරට තිබෙනවා.

එසේ තිබියදී මළසිරුරු බොහොමයක් මෙලෙසින් යමුනා නදියේ පාවීම ඛේදනීය තත්වයක් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙම සිරුරු උත්තර් ප්‍රදේශ්හි, හමීර්පූර් සහ කාන්පූර් යන දිස්ත්‍රික්කවලින් ගංගාවට දමා ඇතැයි හදුනාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ, මෙයට කාන්පූර් ජනයා වගකිව යුතු බවයි. යමුනා නදියේ පාවුණු එක් මළ සිරුරක් අඩක් පිළිස්සී ඇති අතර, අනෙක්වා අවමංගල්‍යයකදී මිය ගිය තැනැත්‍තාට අන්දවා තබන වස්ත්‍ර අනුව සරසා තිබූ බවත් සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now