සිසු සැරියට අලුතින් බස් රථ පන්සියයක්...
By Parami Dissanayake
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිසු සැරිය බස් රථ සේවාවට අලුතින් බස් රථ 500ක් එක්කිරීමට ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මෙම වසරේ දෙවන පාසල් වාරයේ සිට තවත් බස් රථ 500ක් එක්කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට දිවයින පුරා සිසු සැරිය බස් රථ 1500ක් ධාවනය කෙරෙන අතර, දිවයිනේ පාසල් රැසක් සිසු සැරිය බස් රථ සේවාව තවත් ඉල්ලුම් කර ඇති බැවින් , ඒවා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.