මෙරට ධීවරයින් පිරිසක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

island fishermen navy sea seil
By Sewvandhi Jun 26, 2021 04:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නීතී විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සීෂෙල්ස් ගුවන් හමුදාව සහ එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යාත්‍රා 02කින් සීෂෙල්ස් මුහුදු සීමාවට පැමිණ මෙම ධීවරයින් ධීවර කටයුතුවල නිරත වී ඇති බව සඳහන්ය.

ඒ අනුව මැයි මාසයෙන් පසුව නීතී විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ධීවර යාත්‍රා 05ක් එරට ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් සහ යාත්‍රා රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව සීෂෙල්ස් මහජන ආරක්ෂක බලකාය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha