ලංකාවේ ගින්නකින් විශාල ගල් පර්වතයක් පුපුරා යාමේ දැඩි අවධානමක්..මේ ප්‍රදේශයේ මාර්ගවල ගමන් කරන අය දැඩි අවධානයෙන් ඉන්න.

By Aruna Feb 16, 2025 08:01 AM GMT
Report

ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ ඇල්ල රොක් කදු රක්ෂිතය පුරා දින තුනක් තිස්සේ පැතිර ගිය ගින්න නිවී ඇති අතර ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයේ ඉහල කදු මුදුනේ පිහිටි ගල්පර්වත රත්වී ඉරිතලා පුපුරා යාම නිසාවෙන් එම ගල්පර්වත පහල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් මතු වී තිබෙනවා.

මේ හේතුවෙන් රථ වාහන පැදවීමේදී රියදුරන් ට දැඩි විමසිල්ලෙන් අවදානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව රියපදවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (16) දැනුම් දීමක් සිදු කර ඇත.

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් වටිනා විදෙස් මත්පැන් තොගයක් හමුවෙයි..

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් වටිනා විදෙස් මත්පැන් තොගයක් හමුවෙයි..


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පසුගිය 13 දින පස්වරුවේ ඇල්ල රාවණාඇල්ල රක්ෂිතයේ අධි සංවේදී කලාපයක්වන ඇල්ල රොක් කදු මුදුනේ හටගත් ගින්න සුලං සහ දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ ගින්න සීග්‍රයෙන් ඇල්ල රොක් කදු රක්ෂිතයේ පැතිර යන්නට වූ අතර ,ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයට අයත් අක්කර 600 ක පමණ භූමි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගිය බවයි. 

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු විසින් රාවණාඇල්ල වන රක්ෂිතයට මෙසේ ගිනිතබන්නට ඇතැයි සැකපල කරයි .

ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ බිරිඳක් අත්අඩංගුවට ගනී..

ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ බිරිඳක් අත්අඩංගුවට ගනී..


නමුත් පැවති සුලං සහ ගින්න අධික කදු බෑවුම් සහිත ප්‍රදේශයේ පැතිර යාම නිසාවෙන් එම ස්ථානයට ළඟා වීමට ඇති අපහසුතාව, දුෂ්කර බව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව තිබිණැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් අවධාරණය කළේ ය .

මෙම ගින්නට හසුව රක්ෂිතයේ වටිනා දුර්ලභ ගනයේ ඖෂධ වර්ග , ගස්කොළන් විනාශ වී වනසතුන් මියයන්නට ඇතැයිද පරිසරවේදීහු පවසයි.

You May Like This Video